ශ්‍රී ලංකාවේ
ඇගමිඩේ කුලය යටතේ වර්ගීකරණය කර ඇති කටුසු විශේෂ 18ක් වේ. එම විශේෂ උප කුල තුනක් සහ ගණ හයක්
යටතේ වර්ග කර තිබේ. ඒ අතුරින් එක් උප කුලයක්, ගණ තුනක් හා විශේෂ 15ක් ලංකාවට ආවේණික වේ.
2007 IUCN රතු දත්ත
ලේඛනයට අනුව ලංකාවට ආවේණික කටුසු විශේෂ අතුරින් 12ක් වඳ වීමේ අවදානමට මුහුණපා ඇති අතර විශේෂ
දෙකක් වඳ වීමේ තර්ජනයට ලක් වීමේ ආසන්න මට්‌ටමට පැමිණ තිබේ.
ලංකාවට ආවේණික
කටුසු විශේෂ අතුරින් විශාලතමයා වන්නේ යක් කටුස්‌සා ය. වඳ වීමේ තර්ජනයට මුහුණපෑමේ
ආසන්න මට්‌ටමට පැමිණ තිබෙන මේ විශේෂය අද වන විට වනාන්තරවලට පමණක් සීමා වෙමින්
තිබේ. මේ විශේෂය මු`ඵ ලොවෙන් ම
එක් විශේෂයක් පමණක් වාර්තා වන ගණයකට අයත් වීම විශේෂත්වයකි.
යක් කටුස්‌සා
හැඳින්වීමට සිංහලෙන් නම් කිහිපයක් භාවිත වේ. එනම් කරමල් බෝදිලිමා, ගැටහොඹු කටුස්‌සා හා
කඳුකර බෝදිලිමා ය. ඉංග්‍රීසියෙන් Hump Nosed Lizard, Hump Snout Lizard yd
Lyre Head Lizard යන නම් භාවිත
වේ.
විද්‍යාත්මකව
ඛහරසදජැචය්කමි sජමඒඑමි ලෙස
හඳුන්වන මේ විශේෂය ද්වීපද නාමකරණයේ පියා වන ලිනේයස් විසින් 1758 දී ඛ්ජැරඒ sජමඒඒ නමින් නම් කරනු
ලැබ තිබේ. ඉන් පසුව 1820 දී ජර්මානු
ජාතික ස්‌වභාව විද්‍යාඥයකු වන ඊක්sසමප පැරරුප විසින් ඛහරසදජැචය්කමි ගණය යටතට නම් කරනු ලැබ
තිබේ. 1852 වසරේ දී Edward
Frederick නම් විද්‍යාඥයා
ඛහරසදජැචය්කමි sජමඒඑමි ලෙස
දැනට භාවිත කරන විද්‍යාත්මක නාමයෙන් මේ විශේෂය නාමකරණය කර තිබේ.
මේ විශේෂය
අයත් වන ඛහරසදජැචය්කසබ්e උප කුලය
ලංකාවට ආවේණික උපකුලයකි. මේ උපකුලයට අයත් ආවේණික ගණ තුනක් මෙරට වාර්තා වන අතර ඒ
යටතේ ලංකාවට ආවේණික කටුසු විශේෂ 8ක් වෙයි. මේ උපකුලය 1953 වසරේ දී ලංකාවේ කීර්තිමත් විද්‍යාඥයකු වන
පී. ඊ. පී. දැරණියගල මහතා විසින් නම් කරනු ලැබ ඇති අතර මේ විශේෂය එම උපකුලයට
ඇතුළත් කර තිබේ.
මේ උපකුලය මු`ඵ ලොවෙන් ම ලංකාවෙන්
පමණක් වාර්තා වීමෙන් පෙනී යන්නේ මේ විශේෂ ලංකාව තුළ දීර්ඝ කාලයක් මු`ඵල්ලේ හුදෙකලාව
පරිණාමය වී ඇති බව ය. මේ නිසා පුරාසත්ත්ව විද්‍යාව හැදෑරීමේ දී මේ විශේෂ ඉතා ම
වැදගත් වේ.
මේ උපකුලයේ
විශේෂවල මයිටොකොන්ඩී්‍රය ඩී. එන්. ඒ. විශ්ලේෂණය (ජාන විශ්ලේෂණය) ම`ගින් වැදගත් කරුණු
රැසක් අනාවරණය කර ගත හැකි ව තිබේ. මේ උප කුලයට අයත් මුල් ම පූර්වජයා ලංකාවට පැමිණ
ඇත්තේ මීට වසර මිලියන 14කට පමණ පෙර
මයෝසීන යුගයේ දී ය. එම පූර්වජයා ප්‍රධාන ගහන දෙකක් ලෙස හුදෙකලාව පරිණාමය වී ඇත.
ඉන් එක් ගහනයකින් මීට වසර මිලියන 10.8කට පමණ පෙර මයෝසීන යුගයේ දී ම යක් කටුස්‌සා ගේ මුල්
පූර්වජයා වෙන් ව තිබේ. ඔවුන් හුදෙකලාව නැවත පරිණාමය වී ඇති අතර අදින් වසර මිලියන 4.3කට පමණ පෙර ප්ලයෝසීන
යුගයේ දී යක් කටුස්‌සා ගේ ගහන දෙකක් වෙන් වෙන් වශයෙන් හුදෙකලාව පරිණාමය වීම
ආරම්භ වී ඇත. ඉන් එක් ගහනයක් දුම්බර අඩවියේ හුදෙකලාව පරිණාමය වෙමින් වර්ධනය වන
අතර ඉතිරි ගහනය සිංහරාජය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වේ. මේ ගහන දෙකෙහි පැහැදිලි
ජානමය වෙනස්‌කම් පැවතිය ද බාහිර වෙනස්‌කම් නො පැවතීම හේතුවෙන් එක් විශේෂයක් ලෙස
සලකනු ලැබේ.
ඉතා අලංකාරවත්,
සිත්ගන්නාසුලු වර්ණ
විවිධත්වයත්, ශරීර හැඩයත්,
චර්යා රටාවනුත්
හේතුවෙන් සත්ත්වලෝලීන් ගේ වැඩි අවධානයට පාත්‍ර ව ඇති සත්ත්වයකු ලෙස යක් කටුස්‌සා
හැඳින්විය හැකි ය. පුෂ්ටිමත් ශරීරයක් හිමි මොවුන් ගේ සම්පූර්ණ දිග (හොම්බේ සිට
වලිග කෙළවර දක්‌වා) සෙ.මී. 25ත් 30ත් අතර වේ. ශරීර දිගට
සමාන දිගකින් යුත් වලිගය පුෂ්ටිමත් ය. එය අගින් මොට වූවකි. මේ විශේෂයේ බාහිරට
පෙනෙන කර්ණපටහ පටලයක් (ඔහපච්බමප) නො පිහිටීම විශේෂත්වයකි. එය චර්මයට යටින් පිහිටා
තිබේ. මේ විශේෂයේ ඇහිබැම ප්‍රකට ව වර්ධනය වී තිබේ. එය උපරි අක්‌ෂිකූප නෙරීම් (Supraciliary
ridge) ලෙස හැඳින්වේ.
තව ද හොම්බ ප්‍රදේශය ගෝලාකාර හැඩයට ප්‍රකටව වර්ධනය වූ ගැටයක් වැනි (Rostral
knob) ව්‍යුහයක්
ලෙස පිහිටයි. යටි හණුවේ ඉදිරියේ සිට, ගෙල හරහා පසු පෙදෙස් දක්‌වා විහිදුණු පැතලි තැල්ලකි.
ගෙල මත ද්වීපාර්ශ්වික පැතලි මොල්ලියක් දැක ගත හැකි ය. මේ සියලු උපාංග කොරළවලින්
ආවරණය වී ඇත. හිසේ සිට වලිගයේ මධ්‍යය දක්‌වා ශරීරයේ මධ්‍ය පෘෂ්ඨය රේඛාව ඔස්‌සේ
විහිදුණු උල් වූ ඉහළට එසැවුණු කොරළ පේළියක් වෙයි. බඩවතෙහි පහළ පාර්ශ්වික ප්‍රදේශවල
අක්‍රමවත් ලෙස ව්‍යාප්ත වූ පිටතට නෙරූ ප්‍රකට ඉන්නන් වැනි කොරළ දැක ගත හැකි ය.
ඉතා පු`ඵල් පරාසයක වර්ණ වෙනස්‌කම්වලට
හිමිකම් කියන මේ සතුන් ගේ ප්‍රමුඛ වර්ණය ළා කොළ, අ`ඵ, දුඹුරු, කහ, කාකි කොළ ආදී වර්ණවලින් සමන්විත ව දැක ගත
හැකි ය. මේ වර්ණ අතුරෙන් ළා කොළ පැහැ පෘෂ්ඨීය වර්ණය සහිත අවස්‌ථාවල දී මේ කටුස්‌සන්
ගේ ශරීරය ඉතා ම වර්ණවත් දැකුම්කලු ස්‌වරූපයක් ගනී. එවිට උදරීය වර්ණය දීප්තිමත් ළා
නිල් පැහැ වන අතර, ගෙලෙහි තැල්ල
දීප්තිමත් කහ පැහැයක් ගනී. ඇස් රත් පැහැ වේ. පෘෂ්ඨීය වර්ණය කොළ හෝ කාකි කොළ පැහැ
වර්ණය දරන අවස්‌ථාවල දී ද උදරීය වර්ණය ළා නිල් -සුදු පැහැයෙන් හා තැල්ල කහ
පැහැයෙන් දැක ගත හැකි ය. පෘෂ්ඨීය වර්ණය අ`ඵ, දුඹුරු වැනි අඳුරු වර්ණ දරන අවස්‌ථාවල දී
උදරීය වර්ණය හා තැල්ලෙහි වර්ණය පෘෂ්ඨීය පැත්තේ වර්ණයට සමාන ළා පැහැ වර්ණයෙන් යුක්‌ත
වේ. මේ වර්ණ වෙනස්‌කම් දැක ගත හැක්‌කේ මේ සතුන් ලැග සිටින පරිසරයේ ස්‌වභාවය අනුව
ය. අඳුරු වටාපිටාවන්හි ලැග සිටින අවස්‌ථාවල දී බොහෝ විට දුඹුරු, අ`ඵ හෝ කාකි කොළ පැහැ
වර්ණයෙන් යුතු වේ.
මේ විශේෂය
මුහුදු මට්‌ටමේ සිට මීටර 1650 දක්‌වා සීමාව
තුළ වාර්තා වේ. එනම් පළමු හා දෙවැනි අඩතැනි ප්‍රදේශවල පිහිටි වනාන්තර ආශ්‍රිත ව ය.
විශේෂයෙන් පහතරට තෙත් කලාපයේ හා උප කඳුකර තෙත් කලාපයේ වාර්තා වේ. තෙත් කලාපයේ
වනාන්තර බොහොමයක් නිවහන කරගෙන දිවි ගෙවන මේ සත්තු අතරමැදි කලාපයේ සමහර වනාන්තරවල
සහ වියළි කලාපයේ ගංගාශ්‍රිත වනාන්තරවල ජීවත් වෙති. එහෙත් මේ වනාන්තර පරිසරවලින්
බහුල ව හමු නො වන ඉතා කලාතුරකින් දැකගන්නට ලැබෙන සත්ත්වයෙකි.
තෙත් කලාපය
තුළ පිහිටි ගල්ගුහා කැණීමේ දී මේ විශේෂයේ අස්‌ථි කොටස් තරමක් සුලබව හමු වී තිබේ.
හමු වී ඇති අස්‌ථි කොටස්‌වල ස්‌වභාවය, එම කොටස් හමු වී ඇති ස්‌ථරවල ස්‌වභාවය හා සුලබතාව මත
පදනම් ව විද්‍යාඥයන් තහවුරු කර ඇත්තේ මේ විශේෂය බලංගොඩ මානවයා නැත හොත් අපේ ආදි
මානවයා විසින් ආහාරයට ගනු ලැබ ඇති බව ය. විශේෂයෙන් ම බලංගොඩ මානවයා ගේ ස්‌ත්‍රීන්
හා කුඩා ළමයින් යක් කටුස්‌සන්ව එකතු කර ගල්ගුහා තුළට රැගෙන විත් පු`ඵස්‌සා ආහාරයට ගන්නට
ඇතැයි විශ්වාස කෙරේ. අලවල, බටදොඹලෙන,
පාහියන්ගල හා බෙලිලෙන
කැණීම් කිරීමේ දී පහළ සිට ඉහළට බොහෝ ස්‌ථරවල මේ කටුසු විශේෂයේ අස්‌ථි කොටස් හමු
වී තිබේ. ඒ අනුව ඈත අතීතයේ දී සැලකිය යුතු ගහනයක් මේ විශේෂයේ ජීවත් වන්නට ඇතැයි
විශ්වාස කළ හැකි ය.
මොවුහු
වනාන්තර තුළ සෙවණ සහිත තරමක් එළිමහන් ස්‌ථාන ආශ්‍රිත ප්‍රදේශ ක්‌ෂුද්‍ර වාසස්‌ථාන
ලෙස තෝරා ගනිති. සමහර අවස්‌ථාවල දී තෙත් වනාන්තර ආශ්‍රිත ව පිහිටි රබර් වතුවල ද
ඉදහිට හමු වේ. එක් අවස්‌ථාවක සූරියකන්ද - දෙනියාය මාර්ගයේ ඉත්තකන්ද ප්‍රදේශයේ
ජනාවාස ආශ්‍රිත ප්‍රධාන මාර්ගයක් අසල දී යක් කටුස්‌සකු මට හමු විය. ඒ අවස්‌ථාවේ
දී මාර්ගයේ ලැග සිටි කටුස්‌සා බිය වී ඒ ආසන්නයේ පිහිටි වැල් සහිත ශාකවලින් ආවරණය
වූ විශාල ගසකට දිව ගොස් ශාක පත්‍ර අතර, සැගවීමට උත්සාහ දරනු දැක ගත හැකි විය.
මෙවැනි චර්යා රටාවක් මේ කටුස්‌සා ගෙන් මට දැක ගන්නට ලැබුණු ප්‍රථම අවස්‌ථාව මෙය
වේ. තෙත් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයක් වුව ද ඒ ප්‍රදේශය ආසන්නයේ තෙත් වනාන්තර දැක
ගත නොහැකි වූ නමුත්, තෙත් වනාන්තර
එළි පෙහෙළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉතිරි වූ සතකු ලෙස ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිත
පරිසරයට අනුවර්තනය වී මේ සතුන් ඉඳහිට ජීවත් වනු එමගින් නිගමනය කළ හැකි වේ.
ලැග සිටීමට ප්‍රධාන
වශයෙන් සිරස් ඉරියව්ව භාවිත කරන මොවුහු, සිහින් ශාක මත බොහෝ විට ලැග සිටිති. බිය වූ
විට ගස් වටා හෙමින් ගමන් කරමින් ආවරණය වීමට උත්සාහ දරති. විශාල ගස් මත ලැග සිටින
විට ද එලෙස ම ක්‍රියා කරති. ක්‌ෂණික බිය වීමකට ලක් වූ විට වේගයෙන් ක්‍රියාත්මක වන
මේ සත්තු මුඛය විවෘත කර දීප්තිමත් රත් පැහැයෙන් යුතු මුඛයේ ඇතුළත ප්‍රදර්ශනය කරති.
බිය වූ අවස්‌ථාවල දී ශරීරය දරදඬු කර ලැග සිටින පෘෂ්ඨය ඉතා දැඩි ව ග්‍රහණය කර
නිසොල්මන් ව සිටිති. සමහර පොත් පත්වල මේ සතුන් බිය වූ විට බිමට පැන දරදඬු වී
මැරුණු බවක් පෙන්වමින් සිටින බව සඳහන් වුව ද මා හට මොවුන් ගේ එවැනි චර්යාවක් දක්‌නට
ලැබී නැත. එහෙත් සමහර අවස්‌ථාවල දී බිම ලැග සිටින මේ සතුන් බිය වූ විට එවැනි
චර්යාවක් පෙන්වනු දැකගන්නට ලැබී තිබේ. මේ සතුන් ඉතා සෙමින් ගමන් කරන කුළෑටි,
ක්‍රියාශීලී බවින් අඩු
සතුන් ලෙස බොහෝ විට දැක ගත හැකි වුව ද චලනය වන ගොදුරක් පසු පස හඹා ගොස් අල්ලා
ගන්නා අවස්‌ථා ද දක්‌නට ලැබී ඇත. කිතුල්ගල, කැලණිවැලි රක්‌ෂිතය තුළ එක් අවස්‌ථාවක දී
සිහින් වැලකින් එල්ලෙන කෝටුවක් මත පොළොවට අඩි හතරක් පමණ ඉහළින් ලැග සිටි මේ
කටුස්‌සකු මීටර 10ක් පමණ
දුරින් ස්‌ථානයක පොළොව ආසන්නයේ පියාඹමින් සිටි කෘමි සතකු පසුපස ක්‌ෂණික ව වේගයෙන්
හඹා ගොස් අල්ලා ගනු දැක හැකි විය. ඒ අවස්‌ථාවේ දිගු වේලාවක් නිසොල්මන් ව ලැග
සිටි කටුස්‌සා එක් වර ම අඩි හතරක් පමණ උසක සිට බිමට පැන වේගයෙන් දිව යනු දැක
ගන්නට ලැබිණි.
කන්නෙළිය වන
රක්‌ෂිතයේ දී කරන ලද නිරික්‌ෂණයකට අනුව පැහැදිලි වූයේ කරමල් බෝදිලිමා ගේ පිරිමි
සතුන් ගැහැනු සතුන්ට වඩා කලහකාරී ලෙස හැසිරෙන බව ය. කන්නෙළිය වනාන්තරය තුළ පිහිටි
මාර්ගයක් ආසන්නයේ විවෘත ප්‍රදේශයක ලැග සිටි මේ විශේෂයේ ගැහැනු හා පිරිමි සතුන්
දෙදෙනකු කෙරෙන් සිදු කළ නිරීක්‌ෂණවල දී මේ බව තහවුරු විය. ගැහැනු සතා බිය වූ විට,
ලැග සිටි ගස වටා
හෙමින් ගමන් කරමින් මුවා වීමට උත්සාහ කළ අතර, පාදවලින් ශරීරය ඔසවා සිටීමට උත්සාහ දැරී ය.
එහෙත් පිරිමි සතා ඊට වඩා වෙනස් චර්යාවක් පෙන්වී ය. බිය වූ පිරිමි සතා මුඛය විවර
කරමින් සපා කෑමට පෙලැඹුණු අතර, ලැග සිටි
ගසෙහි අතු අතර ගමන් කරමින් පලා යැමට හා සපා කෑමට උත්සාහ කරනු දැක ගත හැකි විය. ඒ
අවස්‌ථාවේ දී ශරීරය ක්‌ෂණික ව පුම්බා තැල්ල හා මොල්ලිය විහිදා සිටිනු දක්‌නට
ලැබිණි.
දැනට මේ කරමල්
බෝදිලිමුන් පිළිබඳ ව කරන ලද නිරීක්‌ෂණයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ පොළොව මට්‌ටමේ
සිට අඩි 5 - 7 පමණ උසින්
පිහිටි ස්‌ථානවල සිට පොළොව මත දක්‌වා ව්‍යාප්ත වූ ප්‍රදේශවල මොවුන් සැරිසරන බවකි.
සිහින් ශාක කඳන් මත ලැග සිටීමට ප්‍රිය බවක් දක්‌වන අතර, කලාතුරකින් විශාල ගස් මත ද ලැග සිටී. විවෘත
ශාක කඳක් මත ලැග සිටින විට බිය වූ අවස්‌ථාවක දී හැර අපිශාක හෝ වැල්වලින් ආවරණය වූ
කඳක් මත හෝ පඳුරු සහිත ශාක මත සැරිසරන අවස්‌ථා දැක ගැනීමට ලැබී නැත. ඒ අනුව මේ
සතුන් විවෘත ශාක කඳන් මත ලැග සිටීමට රුචියක් දක්‌වන බව පෙනී යයි.
ඉංගිරියේ
පිහිටි දොඹගස්‌කන්ද වැනි තෙත් වනාන්තරවලින් අතීතයේ දී වාර්තා වූ මේ සතුන්
වර්තමානයේ දී දැකගත නො හැකි තත්ත්වයට පත් වෙමින් තිබේ. ඒ සඳහා කුමන කරුණු හේතු වී
ඇද්ද යන්න ගැටලු සහිත ය. විශේෂයෙන් මිනිස් ක්‍රියාකාරකම් වැඩි වීම ඊට බලපාන බවට
අනුමාන කළ හැකි ය. එහෙත් මිනිස් ක්‍රියාකාරකම් සහිත මිනිසුන් විසින් වෙනස් කරන
ලද පරිසරවලින් ද මේ සතුන් වාර්තා වීමෙන් ඒ බව සනාථ කිරීම අපහසු ය.
කිතුල්ගල,
කොට්‌ටව, ලබුගම-කලටුවාව,
මොරපිටිය-රූනකන්ද,
කන්නෙළිය වැනි
වනාන්තරවලින් මා හට මේ කටුස්‌සන් හමු වී ඇත. මේ වනාන්තර ආශ්‍රිත ව පිහිටි රබර් වතු
ආශ්‍රිත ප්‍රදේශවලින් ද යක් කටුස්‌සා වාර්තා වී ඇති නමුත් සුලබ ව දැක ගත නොහැකි
වී ඇත. ඉතා කලාතුරකින් එකා දෙන්නා බැගින් හමු ව තිබේ. බොහෝ විට තනි තනි ව ජීවත් වන
මොවුන් ව්‍යාප්තිය සීමාසහිත වීමට කුමන සාධක බලපාන්නේ ද යන්න පිළිබඳ ව අධ්‍යයන ආශ්‍රයෙන්
සොයා බැලීම කළ යුතු ය. ඒ සඳහා මේ සතුන් ගේ ව්‍යාප්තිය පිළිබඳ ව ගැඹුරෙන් අධ්‍යයනය
කිරීම අත්‍යවශ්‍ය ය.
ඉතා ම
විසිතුරු, දුර්ලභ කටුසු
විශේෂයක් වීම හේතුවෙන් විදෙස් රටවල සුරතලයට ඇති කිරීම සඳහා මේ සතුන් ට ඉල්ලුමක්
ඇති වෙමින් පවතී. සමහර වෙබ් අඩවි හරහා මේ සතුන් අලෙවි කිරීමේ ජාවාරම් මේ වන විට
ආරම්භ වී ඇත. ඒ තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
2009 අංක 22 දරන පනතින් අවසන් වරට
සංශෝධිත වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්ෂක ආඥා පනතේ 30 වැනි වගන්තියට අනුව මේ සතුන් ඇල්ලීම,
ළ`ග තබා ගැනීම, ප්‍රවාහනය කිරීම,
බිත්තර ළ`ග තබා ගැනීම හෝ ප්‍රවාහනය
කිරීම හා මේ සතුන්ට කුමන ආකාරයක හෝ හානියක් සිදු කිරීම තහනම් වේ. එවන් වරදකට
වරදකරු වන පුද්ගලයකුට රුපියල් 20,000ත් 50,000ත් අතර දඩයකට හෝ වසර 2ත් 5ත් අතර කාලයක සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ
මේ ද`ඩුවම් දෙකට ම
යටත් කළ හැකි ය.
මේ සත්ත්ව
විශේෂ පරිසර පද්ධතියේ තුලිතතාව පවත්වාගෙන යැම වෙනුවෙන් ආරක්‌ෂා කර ගැනීමට මේ නීති
ක්‍රියාත්මක කිරීම මෙන් ම මේ සතුන් ගේ ස්‌වාභාවික පරිසර පද්ධති ආරක්‌ෂා කර ගැනීම
අත්‍යවශ්‍ය ව ඇත.
සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ
භාරය

.jpg)
0 comments:
Post a Comment