"අතීතයේ අපේ
මිනිස්‌සු ජීවත් වුණේ ඉතා ම සරල විදියට. සරලකම අපේ ජීවන රටාවේ අංගයක් වුණා.
කාර්මික විප්ලවයෙන් පසු මිනිසුන් ගේ ජීවන රටාව වෙනස් වුණා. ඉන්පසුව රටේ සංවර්ධනයට
මූලික වුණේ ධනවාදී ආර්ථික රටාවයි. ඊට විරුද්ධ වූ සමාජවාදී ආර්ථික රටාවට තිබුණු
වැදගත්කම මේ වන විට පිරිහී තිබෙනවා. අද අපි යොමු වී සිටින්නේ අධි සුබෝපභෝගී ජීවන
රටාවකටයි." යනුවෙන් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසී ය. ජුනි 12 වැනි දින පැලවත්ත
ජනකලා කේන්ද්‍රයේ පැවැති රියෝ +20 සමුළුවට සමගාමීව පරිසර අමාත්‍යංශය හා ශ්‍රී ලංකා රියෝ
එකමුතුව එක් ව සංවිධානය කරන ලද තිරසර සංවර්ධනය පිළිබඳ තරුණ ප්‍රජාව අතර පැවැත්වූ
සංකල්ප රචනා තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයේ දී තවදුරටත්
අදහස් දැක්‌වූ අමාත්‍ය යාපා මහතා "මේ වන විට ලෝක ජනගහනය බිලියන 7ක්. ඔවුන් පරිසරයේ
සම්පත්වලින් සියයට 43ක් භාවිත කරනවා.
වසර 2045 වන විට ලෝක
ජනගහනය බිලියන 9ක් වේවි. ඒ
වන විට දැන් තිබෙන සම්පත් ප්‍රමාණය මදි වෙයි. ඒ නිසා ම පරිසර විද්‍යාඥයන් වගේ ම
පරිසරවේදීන් කියන දෙයක් තමයි ස්‌වාභාවික සම්පත් පරිහරණය අඩු කරන්න කියල. ඒ නිසා
ස්‌වාභාවික සම්පත් භාවිතය සීමා කරන්න කාලය ඇවිත්. ඒ වගේ ම ස්‌වාභාවික සම්පත් ආරක්‌ෂා
කරගන්න තාක්‍ෂණයක් නිර්මාණය කරන්න කාලය ඇවිත්. පරිසර
සුරැකීම
පිළිබඳව තරුණ ප්‍රජාවත් ශිෂ්‍ය පරපුරත් දායක කර ගැනීම අපේ බලාපොරොත්තුවයි. පරිසරය
සුරැකීම පිළිබඳ ඔවුන් සතු ව තිබෙන සංකල්ප ආකල්ප අපිට ඉතා ම වැදගත්. අපිට අවශ්‍ය
වන්නේ හරිත ආර්ථිකයක් තරුණ පරපුරට දායක කර දීමටයි" යනුවෙන් පැවසී ය.
උපුටා ගැනීම විදුසර පුවත් පතිනි...
උපුටා ගැනීම විදුසර පුවත් පතිනි...

0 comments:
Post a Comment